ඉන්සියුලින් කුප්පි ලක්‍ෂ 4 1/2ක මගඩියක්

83

ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ ඉන්සියුලින් කුප්පි ලක්‍ෂ හතරහමාරක් හදිසි ඖෂධ මිලදී ගැනීම යටතේ මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටී.

මෙම ප්‍රශ්න සහගත හදිසි ටෙන්ඩර් කැඳවීම මගින් රටට අහිමි වන මුදල රුපියල් මිලියන දෙසිය හැත්තෑවක් පමණ වන බවත් එබැවින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවත් එම සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

තත්ත්වය මෙසේ තිබියදී නිසි ක්‍රමවේද යටතේ වෛද්‍ය සැපයුම් අංශයට මීට පෙර ඇනවුම් කරන ලද ඉන්සියුලින් තොග සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ඉන්සියුලින් තොග ලක්‍ෂ හතකට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් අදාළ ඉන්සියුලින් කුප්පි ලක්‍ෂ 4.5 ගෙන්වීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ මට්ටමින් ප්‍රසම්පාදන කමිටු පත්කොට ඊට අනුමැතිය ද ලබාදී ඇති බවට වාර්තා ලැබී ඇතැයි ද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛiවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මෙම එන්නත් කුප්පි ලක්‍ෂ 4.5 සඳහා එකකට රුපියල් හයසියය බැගින් රුපියල් මිලියන 270ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගෙවා දැමීමට කටයුතු සම්පාදනය කර ඇතැයි ද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපති ලේකම්ට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment