හිටපු ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිෂන් සභාවට

179

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් සුන්දරම් අරුමයිනායහම් මහතා පත්කිරීමටත්, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමටත් පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව ඇත.
වී. සිවඥානසෝති මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා එලෙස සුන්දරම් අරුමයිනායහම් මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යෝජනාවට, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 25 රැස් වූ පාර්ලිමේන්තු සභාව එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
හෙතෙම මීට පෙර විදේශ රැුකියා සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේද, ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේද ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
මේ අතර ජීවන් ත්‍යාගරාජා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පී.එස්.එම්.චාල්ස් මහත්මිය පත් කිරීමට ජනාධිපති විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවටද පාර්ලිමේන්තු සභාව එකඟ වී තිබේ.
ඇය මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් , රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසත් මීට පෙර කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment