කුලී බූරුකරුවෝ ඇතුලට

178

රත්නපුරයේදී කුලියට බූරු ගසා, කෑගල්ලටද බූරු ගැසීමට ත‍්‍රිරෝද රථයකින් යමින් සිටියදී පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමේ වරදට අසුවී අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනෙකුට කෑගල්ල මහෙස්ත‍්‍රාත් නිශාන්ති අබයරත්න මහත්මිය ලබන නොවැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඊයේ (24දා) නියෝග කරතිබුණි .

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ගම්පහ රාගම ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් හා හම්බන්තොට ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක් වු පුද්ගලයෙක් බව පිංදෙනිය පොලිසිය කියයි.

අවිස්සාවේල්ලේ සිට සැකකටයුතු ත‍්‍රිරෝද රථයක් අධික වේගයෙන් කෑගල්ල දෙසට ධාවනය කරන බවට බුද්ධි අංශයේ පොලිස් සැරයන් වරයෙකුගෙන් ලද දැනුවත් කිරීම ක්ද ඔස්සේ මාර්ග බාදකයයේ සිටි පොලිස් නිලධාරින් සැකකටයුතු ත‍්‍රිරෝද රථය නවත්වන ලෙස සංඥා කර සිටියත් ත‍්‍රිරෝද රථය නොනවත්වා අධික වේගයෙන් කෑගල්ල දෙසට ධාවනය කරතිබුණි .

පසුව පොලිස් නිලධාරීන් විසින් අරන්දර-නාරංගොඩ ප‍්‍රදේශයේ මාර්ගයේ රාජකාරි කටයුතු කරමින් සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් පසුව නාරංගොඩ ප‍්‍රදේශයේ දී ත‍්‍රිරෝද රථය නවත්වා ගැසීමට හැකිවී තිබුණි .

සැකකටයුතු ත‍්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි රියදුරුවරයා හා පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයා පළාත් නීති උල්ලංඝනය කිරීම යටතේ අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ බවත් ත‍්‍රිරෝද රථයේ පිටුපස කළු පැහැති බෑගයක තිබී පාවිච්චි කරන ලද කාඞ් කුට්ටම් 10 ද අත් අඩංගුවට ගැනීමට ද පොලීසියට හැකිවී තිබුණි.

පසුව ත‍්‍රිරෝද රථයේ සිටි දෙදෙනා ප‍්‍රකාශ කර ඇත්තේ මාස තුනක පමණ කාලයක සිට කුලියට බූරු පිටිවලට යන බවත් ජයග‍්‍රහණය කිරීමෙන් පසුව බූරු පිටිය සංවිධායකයාට පංගුවක් දෙන බවත් ප‍්‍රකාශ කල බවද අනාවරනය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment