ලංකාවේ තේ ගැනුම්කරුවන් වෙනත් රටවලට යොමුවෙලා!

503

තේ කර්මාන්තයටත් කණකොකා හඬයි

විදුලි කප්පාදුව සහ ඉන්ධන අර්බුදය නිසා දකුණු පළාතේ තේ කම්හල් හිමියෝ ගැටලු රැසකට මුහුණදී සිටිති. මේ නිසා නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළගොස් ඇත.

ජෙනරේටර් යොදාගෙන තේ කම්හල් ක්‍රියා කරවීමට ඩීසල් හිඟකම බාධාවක් වී ඇත. කම්හල් හිමියෝ පවසන්නේ ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ලෙස නිමි තේ නිෂ්පාදනයට දැඩි බාධා පවතින බවයි. අමු තේ දළු සැපයුමද අඩුවීම නිසා තේ කම්හල්වල ධාරිතාවයද අඩුවී ඇත.

ඉන්ධන අර්බුදය, නිසා තේ කම්හල් සඳහා දර ප්‍රවාහනය කරනු ලබන සැපයුම්කරුවන්ද ගැටලු රැසකට මුහුණදී සිටිති. භාණ්ඩ ප්‍රවාහන වියදම ඉහළයෑම, ඇසුරුම් ද්‍රව්‍ය, තේ පොහොර ඇතුළු අනිකුත් යෙදවුම් මිල ගණන් ඉහළ යෑම නිසා මෙරට තේ කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇත.

අතුකෝරළ තේ සමූහ ව්‍යාපාරයේ සභාපති අනුර අතුකෝරළ මහතා පැවසුවේ, අමු තේ දලුවලට හොඳ මිලක් තියෙනවා. අප්‍රේල් මාසයේ අමු තේ දලු කිලෝවකට රුපියල් 238 ක් ගෙව්වා. පොහොර ප්‍රශ්නය නිසා අපේ අමු තේ දලු අස්වැන්න අඩුවුණා. නැව් ගාස්තු ඉහළ ගියා. කන්ටේනර් ගාස්තු වැඩිවුණා. නෞකා මෙරටට පැමිණීම අඩුවුණා. මේ නිසා අපිට කලට වෙලාවට තේ අපනයනය කිරීමට නොහැකි වුණා. මේ නිසා ගැණුම්කරුවන් වෙනත් තේ නිෂ්පාදනය කරන රටවල් වෙත යොමුවී තිබෙනවා. ඉන්දියාව නව තාක්ෂණික ක්‍රමවලින් තේ නිෂ්පාදනය වැඩි කරගත්තා. දළු මිල වැඩිවුණත්, අනිකුත් යෙදවුම් මිලත් වැඩිවෙලා තියෙනවා.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment