කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සහ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා බැංකුවේ කණ්ඩායම සමඟ TAGS සම්මාන උළෙලේදී.

කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2023 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මෙම සම්මාන ක්‍රියා පටිපාටිය මගින් පිළිගැනීමට ලක්වන විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ප්‍රධාන අංශවලින් සිය විශිෂ්ඨත්වය තහවුරු කර ඇත.

‘ආයතනික යහපාලනය අනාවරණය කිරීම’ සහ ‘ඩිජිටල් ලෙස පරිවර්තනය වන වාර්තාකරණය’ සඳහා සියළුම ක්ෂේත්‍රවල ප්‍රථම ස්ථානය අත් කර ගනිමින් බැංකුව ප්‍රධාන කාණ්ඩයේ රන් සම්මාන දෙකක් ද, බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මානය ද, ‘ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ඨත්වය’ සඳහා ලෝකඩ සම්මානයක් ද දිනා ගන්නා ලදී.

කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය: “මූල්‍ය වාර්තාකරණයේ ඉහළම දේශීය හා ගෝලීය ප්‍රමිතීන් සපුරාලීම සඳහා අපගේ වාර්ෂික වාර්තාකරණ කණ්ඩායම දරන දැවැන්ත උත්සාහයට සුදුසු ම ත්‍යාගයක් වන මෙම ගෞරවාන්විත සම්මාන දිනා ගැනීමට ලැබීම ගැන අපි නිසැකවම ඉමහත් සතුටට පත් වෙමු. TAGS සම්මාන විශේෂයෙන් ම වැදගත් වන්නේ ඔවුන්ගේ අවධානය යොමු කර ඇති වැදගත් ම ස්තම්භ හතර නිසාවෙනි. විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය බැංකුවේ මූලික වටිනාකම් තුළට කාවැදී ඇති අතර කොමර්ෂල් බැංකුව සිය වාර්ෂික වාර්තාව සෑදීමේදී මෙම ක්ෂේත්‍ර කෙරෙහි අමතර අවධානයක් යොමු කරනු ලබයි.”

advertistmentadvertistment
advertistmentadvertistment