ජාතික ඉතිරි කිරීමේ බැංකුව, 2023 නව වසර උත්සවාකාරයෙන් අරඹයි

67

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2023 නව වසර වෙනුවෙන් වැඩ ආරම්භ කිරීම, 2023.01.02 වන දින පෙරවරුවේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ දී උත්සවාකාරයෙන් සිදු විය.

ගරුතර මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා සහ අනුශාසනා සමග සර්ව ආගමික වතාවත් සහ ආශිර්වාද මැද ආරම්භ වූ මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති කේෂිලා ජයවර්ධන, අධ්‍යක්ෂ ගාමිණී ලක්ෂ්මන්, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිළධාරී අජිත් පීරිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, කේ. රවීන්ද්‍රන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, උපදේශකවරුන්, සහකාර සාමාන්‍යාධිකාරිවරුන්, ඉහළ කළමණාකාරිත්වය සහ සමස්ත සේවක ප්‍රජාවද සහභාගි වූහ.

බැංකුවේ සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිළධාරි, අජිත් පීරිස් මහතා සේවක පිරිස අමතමින් 2022 අභියෝගාත්මත වසරක් වුවද ජාතික ඉතිරිකිරීමේ බැංකුව අංශ රැසකින් ප්‍රගතියක් එම වසරේදී අත්කරගත් බව සඳහන් කළේය.

ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ, සභාපතිනි, කේෂිලා ජයවර්ධන මහත්මිය සභාව අමතා සිය අදහස් දක්වමින් 2022 වසරේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවූ සැමට ස්තූතිය පළ කළ අතර 2023 වසරේදී වඩා ඉහළ ජයග්‍රහණ වෙනුවෙන් නව ක්‍රමවේද රැසක් හඳුන්වා දීමට අපේක්‍ෂා කරන බව සඳහන් කළාය. එසේම සියලු දෙනා එක්සත්ව කටයුතු කරමින් ආයතනයේ සහ දේශයේ ප්‍රගතිය වෙනුවෙන් කැපවීමේ වැදගත්කමද එතුමිය අවධාරණය කළාය.

එම අවස්ථාවේ දී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලය 2023 වසරේ රාජ්‍ය ප්‍රතිඥාව ලබාදුන් අතර ඒ තුළින් කාර්යක්‍ෂම, විනයගරුක සහ ජනතා හිතවාදී සේවාවක් සහතික කිරීමෙහිලා සිය කැපවීම යළිත් තහවුරු කළහ.

සියලුම ගනුදෙනුකරුවන්ට, අනෙකුත් පාර්ශ්වකරුවන්ට සහ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට සාර්ථකත්වය අත්විඳින්නට ලැබෙන 2023 නව වසරක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රාර්ථනා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment