සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සමග LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම අත්වැල් බැඳගනී

94

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය සමග LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන් සතුටු වෙමු. රටේ අනාගතය බාර ගැනීමට සිටින ආදරණීය සිසු දරුවන් වෙනුවෙන් මෙම ප්‍රවාහන සේවා සංගමයෙන් සිදුවන සේවය අති මහත්ය.

එම සේවය ඇගයීම උදෙසා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය වෙත අප LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම වෙතින් වරප්‍රසාද රැසක් සහිතව ආකර්ෂණීය වාරික මුදලකට දීප ව්‍යාප්තව රක්ෂණ සැලසුම් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇත.

LOLC සාමාන්‍ය රක්ෂණ සමාගමෙන් ලබාදෙන සුවිශේෂී වරප්‍රසාදයන්ගෙන් මුලික වරප්‍රසාදය ලෙස රථය හිමිකාර පාර්ශවයේ මෙන්ම තෙවන පාර්ශවයේ අලාභයන් ආවරණය වන අතරම පාසල් සේවා වාහනයේ රියදුරු, රිය පාලක/පාලිකා සහ වාහනයේ රැගෙන යන සියලු‍ම පාසල් සිසු සිසුවියන් ආවරණය වන අයුරින් මෙම රක්ෂණාවරණ සැලසුම සකස් කර තිබීම හැඳින්විය හැක. එමෙන්ම තවත් සුවිශේෂී වරප්‍රසාද රාශියක් ඇති ජීවිත රක්ෂණ සැලසුමක් හඳුන්වාදීමටද LOLC ජීවිත රක්ෂණ සමාගම අපේක්ෂාවෙන් පසු වේ.

LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම, ආසියානු, අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල් 22 ක සිය මෙහෙයුම් කටයුතු සිදුකරන මෙරට විශාලතම සහ වඩාත් විවිධාංගිකරණය වූ LOLC සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමකි. එම සමාගම මේ වන විට මහා පරිමාණ සමාගමක් ලෙස වර්ගීකරණය වී ඇති අතර මෙරට පස්වැනි විශාලත ම සාමාන්‍ය රක්ෂණ සමාගම මෙන්ම සිව්වන විශාලතම මෝටර් රක්ෂණ සමාගමද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment