සම්පන්ධන් රෝහල් ගත කෙරේ

74

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා හදිසියේම රෝගී වීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට 31 දා ඇතුළත් කර තිබේ.

මන්ත්‍රීවරයාගේ ඥාතීන් ප්‍රකාශ කළේ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා නිවසට පැමිණ රෝගී තත්ත්වයෙන් පසු වූ සම්පන්ධන් මහතා පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු රෝහල් ගත කරන ලෙස උපදෙස් ලබා දුන් බවය.

90 වැනි වියට පා තබමින් සිටින සම්පන්ධන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසි වාරවලට සහභාගී වීමට නොහැකි බව දන්වා නිවාඩු ලබා ගෙන සිටින අතර ඔහු මෑතකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවකට ද එක් වී සිටියේය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment