සංවර්ධනය වෙමින් පවතින රටවල සිව්දෙනකුගෙන් තිදෙනකුට මුඛරෝග වැළඳිලා – සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

50

ලෝක ජනගහනයෙන් බිලියන 3.5 කට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සිව්දෙනෙකුගෙන් 03 කට මුඛ රෝග වැළ දී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් දන්ත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 3.5 ක් වටිනා මයික්‍රෝ මෝටර්ස් දන්ත උපකරණ ලබාදීමේ අවස්ථාවට ඊයේ (14දා) එක්වෙමින් සෞඛ්‍ය ලේකම්වරයා එසේ සඳහන් කළේය.

දන්ත මයික්‍රෝ මෝටර්ස් යනු දන්ත සායන සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාකරනු ලබන උපකරණයකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියට අනුව මාර්තු මස 20 දිනට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී මෙම උපකරණ ලබාදීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ කුඩා ළමුන්ගෙන් සිටම මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා කටයුතු ආරම්භ කළ යුතු බවය.

මෙම අවස්ථාවට පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment