බ්‍රැන්ඩික්ස් ‘RightToRead’ වැඩසටහන ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අධ්‍යාපනයේ නව පිටුවක් පෙරලීමට පෙරමුණ ගනී

118

ශ්‍රී ලාංකික දරුවන්ට ඉගෙනීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සැපයීමේ අරමුණෙන් ඉංග්‍රීසි කියවීමට සහ අවබෝධ කර ගැනීමේ අභියෝගයට පිළිතුරක් ලබාදෙමින් බ්‍රැන්ඩික්ස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව 2018දී ‘RightToRead’ ව්‍යාපෘතිය දියත් කරන ලදී.

බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් හදුන්වාදුන් ඉන්දියාවේ නිෂ්පාදිත ‘ReadToMe’ ඉංග්‍රීසි ඩිජිටල් ඉගෙනුම් උපකාර පදනම ඔස්සේ ලාංකීය සිසුන්ගේ ඉංග්‍රීසි කියවීමේ හා අවබෝධ කරගැනීමේ හැකියාව වර්ධනය කිරිම මෙහි අරමුණයි. මෙම‘RightToRead’ ඩිජිටල් ඉගෙනුම් උපකාර පදනම ක්‍රියාකාරිත්වය හා මෙම තාක්ෂණය සමග සම්බන්ධ වූ සිසුන්ගේ හා අධ්‍යාපනවේදීන්ගේ අත්දැකීම් නිරීක්ෂණය කිරිමට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පසුගියදා බොරැල්ලේ පිහිටි සුසමයවර්ධන විද්‍යාලයෙහි සංචාරයකද නිරත විය.

සුසමයවර්ධන විද්‍යාලය ‘RightToRead’ වැඩසටහන ක්‍රියාත්මක කළ පළමුම පාසල් වලින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ඇතුළු ආරාධිතයින් බ්‍රැන්ඩික්ස් ආයතනය මඟින් ඉදි කරන ලද ස්මාර්ට් පන්ති කාමරය නැරඹීමට එක් වුයේ පාසලේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ ගමන් මඟට සහයක් වීමටයි.

තාක්‍ෂණික යටිතල පහසුකම් සහ සම්පත් සීමිත අවස්ථාවක සිසුන්ට ‘ReadToMe’ වැඩසටහනට ප්‍රවේශය ලබා දීම සඳහා රට පුරා පාසල 10,194 කට අන්තර් ක්‍රියාකාරී ස්මාර්ට් පුවරුද බ්‍රැන්ඩික්ස් ආයතනය ලබා දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment