අලි මිනිස් ගැටුමෙන් වසර 5ට මිනිසුන් 989ක් අලි ඇතුන් 3646ක් මියගිහින්

151

අලිවැට නඩත්තුවට බිලියන 1.16ක් වැය කරලා

අලි මිනිස් ගැටුම හේතුවෙන් ඉකුත් වසර පහ තුළ (2016 -2020) මිනිසුන් 989 දෙනකු හා අලි ඇතුන් 3646 දෙනකු මියගොස් ඇති බැව් අනාවරණය වී ඇත.

ජාතික විගණන කාර්යාලය මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව සිදුකරනු ලැබූ වාර්ෂික විගණන වාර්තාවෙන් මෙම තොරතුරු හෙළි වේ.

එමෙන්ම වනඅලි පලවා හැරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 427කට අධික වැටුප් හා දීමනා පිරිවැයක් දරා සිවිල් ආරක්ෂක භටයින් 845 දෙනකු යොදවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එහෙත් වනඅලින් පලවා හැරීමට යොදා ගත් භටයින්ට ඒ සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබාදී නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම මෙකී සෙබළුන්ට නිසි පරිදි අවශ්‍ය උපකරණ, ආයුධ හා අලිවෙඩි, ප්‍රමාණවත් පරිදි සපයා නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉකුත් වර්ෂ 10ක කාලය තුළ මෙරට අලි වැටවල් ඉදිකිරීම සඳහා දරා ඇති මුළු ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1.64කි. අලිවැටවල් නඩත්තුවට සිවිල් ආරක්ෂක භටයින් 3,300ක් යොදවා ඇත. ඉකුත් වර්ෂ 05 තුළ අලි වැටවල් නඩත්තු කිරීම සඳහා නිලධාරින්ගේ වැටුප් ඇතුළුව දරා ඇති මුළු වියදම රුපියල් බිලියන 1.16කි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment