යුක්තිය මෙහෙයුමෙන් දින තුනකදී මොනරාගල වැටලීම් 170ක්

186

මොනරාගල පොලිස් කොට්ඨාසය තුළ ක්‍රියාත්මකවූ යුක්තිය මෙහෙයුම යටතේ දින තුනක් තුළ සාර්ථක වැටලීම් 170ක් සිදුකොට සැකකරුවන් 142ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පිට සියලුම පොලිස් ස්ථාන නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඬලීමේ අරමුණෙන් දියත් කළ මෙම මෙහෙයුමේදී උඩවලව, යාල සහ රජයේ රක්ෂිත වනාන්තරවල වගාකර තිබූ ගංජා වගාවන් එකොළහක් සහ වියළි ගංජා කිලෝ පනස්තුනක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව බිබිල සහ තණමල්විල ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 12.45 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සහ නඩු භාණ්ඩ අදාළ ප්‍රදේශවල මහෙස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment