නිවුස්ටඩ් බාලිකා විදුහලෙන් මිෂෙල්ට ලැබුණු ආරාධනාව….

177

”මිනිමෙවුලෙන් මගේ පළමු චිත්‍රපට ගීතය”

ඇය නමින් මිෂෙල් දිල්හාරා. නුදුරේ දී පැවැත්වීමට නියමිත සුමති ටෙලි සම්මාන උළෙලේ ඇය හොඳ ම සහාය නිළියට යළිත් වරක් නිර්දේශ වුණා. ඉතිං ඇයත් සමග අපි පුංචි කතාබහක නිරත වුණා. පහතින් පෙළගැසෙන්නේ ඒ සංවාදයයි.

මිෂෙල් කොහොමද ඉතින් ?

මේ ටිකේ රූගත කිරීම් සහ නත්තල් වැඩසටහන් එක්ක වැඩටික කරගෙන යනවා.

නිවුස්ටඩ් බාලිකා විදුහලෙන් මිෂෙල්ට ලැබුණු ආරාධනාව….

මොනවද මේ දවස්වල කරන්නේ?

මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු, නත්තල් වැඩසටහන් සහ පාසල් වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා.

කොහොමද රඟපෑම් වැඩකටයුතු?

සුපුරුදු විදිහට රඟපෑම් වැඩකටයුතුත් මේ දිනවල කරගෙන යනවා. සිදාදියේ සමනලියෝ රූගත කිරීම් කරගෙන යනවා. ඒ ඇරුණම අලුත් ටෙලිනාට්‍ය දෙකක රූගත් කිරීම් ආරම්භ කළා. Solo Town චිත්‍රපටයෙත් අවසන් අදියරයේ වැඩ ටික කරගෙන යනවා. ඊට අමතරව මේ දවස්වල පාසල්වල වැඩසටහන් කිහිපයක් සහ නත්තල් වැඩසටහන් කිහිපයකට ආරාධනා ලැබුණා.

නිවුස්ටඩ් බාලිකා විදුහලෙන් මිෂෙල්ට ලැබුණු ආරාධනාව….

යළිත් වරක් ඔබව සුමති සම්මානවලින් හොඳම සහාය නිළියට නිර්දේශ වෙනවා?

ඔව්. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සුමති සම්මාන උළෙලට මාව මෙවර පොදු 2 නාට්‍යයේ දුෂීගේ චරිතයට සුමති සම්මාන උළලේ හොඳම සහාය නිළිය ලෙස නිර්දේශ කළාට.

පොදු හී දුෂී ගැන මොකද හිතන්නේ ?

පොදු 2 නාට්‍යය ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මියගේ අධ්‍යක්ෂණයක්, TV දෙරණ නිෂ්පාදනයක්. ඇයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා, දුෂීගෙ චරිතයට පනපොවන්න අවස්ථාවක් මට ලබාදුන්නාට. දුෂීගෙ චරිතය මම මෙතෙක් කරපු චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක්. ඒ චරිතය ගොඩනඟාගන්න රන්දික ගුණතිලක අයියා සහ කලණ ගුණසේකර අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

නිවුස්ටඩ් බාලිකා විදුහලෙන් මිෂෙල්ට ලැබුණු ආරාධනාව….

පහුගිය දවසක ඉගෙන ගත්ත පාසලේ ම ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සහභාගි වෙන්න ලැබුණා නේද?

ඔව්. දෙසැම්බර් 8 වැනිදා මීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහලේ පැවැත්වුණු වැඩසටහනකට ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා. මේ වැඩසටහනට පාසලේ විදුහල්පති ගයනි හේරත් මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිනියන්, පාසලේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ගුරුතුමිය නිරෝශානි මල්කා ගුරුතුමිය, ආරාධිත අමුත්තන්, පසලේ ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ දරුවන් සහභාගී වුණා.

ඒ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?

මට ගොඩක් සතුටුයි. මගේ පාසල් කාලයේ හිටපු ගුරුවරු ගොඩක් මට ආයෙ මුණගැහුණා. ඔවුන්ට ස්තුති කරලා ගෞරවය ප්‍රකාශ කරන්න අවස්ථාවක් මට ලැබුණා.

ඉගෙන ගත්ත පාසලෙන් මොකක් සඳහා ද මේ ආරාධනාව ලැබුණේ ?

‘සුදැසි 2023’ නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් වෙනුවෙන් පවත්වපු විවිධ ප්‍රසංගයටයි ආරාධනා ලැබුණේ.

ගොඩක් ලස්සනට ඒ වැඩසටහන සංවිධානය කරලා තිබුණා. ඒ දරුවන්ව පුරුදු පුහුණුවීම් කරන්න සහ ඇඳුම් නිර්මාණවලට ගොඩක් මහන්සි වෙලා තිබුණා.

විදුහල්පතිතුමිය එහෙම අද ඔබ ඉන්න තත්ත්වය ගැන මොකද කියන්නේ?

නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය ලංකාවේ පළමුවැනි බලිකා විද්‍යාලය. විදුහල්පති ගයනි හේරත් මහත්මිය මම පාසල් ගිය කාලයේ ඉඳන්ම හිටපු විදුහල්පතිතුමිය. ඇයගේ මඟපෙන්වීම මත අද වෙනකොට නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය බාලිකා පාසල් අතරින් ඉදිරියෙන්ම ඉන්න බාලිකා පාසලක් ලෙස පත් වෙලා තියනවා. දරුවන්ගේ විනය පිළිබඳව පාසල් කාලය පුරා ම ඇය සොයා බලනවා. ඒ නිසා අද වෙනකොට විනය අතිනුත්, අධ්‍යාපනය අතිනුත් නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය ලංකාවේ පසල් අතරින් ඉදිරියෙන්ම ඉන්න පාසලක් ලෙස සැලකෙනවා. ඇයව නැවතත් මුණගැහෙන්න ලැබුණ එක මට ලොකු ගෞරවයක්.

මේ දවස්වල ගායිකාවක් කියලත් ආරංචියි?

මගේ පළමු වැනි චිත්‍රපට ගීතය ‘මිනිමෙවුලෙන්’ ගීතය ශ්‍රී වික්‍රම චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරපු ගිතයයි. මේ ගීතයේ melody එක කළේ දිනේෂ් සුබසිංහ අයියා, lyrics කළේ නිලාර් එන්. කාසිම් මහත්මයා. ශ්‍රී වික්‍රම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මොහාන් නියාස් මහත්මයා.

නුවර කටුගස්තොට චිත්‍රපට ශාලාවේ විශාල රසිකයන් පිරිසකට ඔබව මැදි වුණා නේද?

මම නුවරඑළියේ අරුණ ජයවර්ධන මහතා විසින් අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට යන අතරතුරේ දැනගන්න ලැබුණා නුවර කටුගස්තොට සිනමා ශාලාවේ ශ්‍රී වික්‍රම චිත්‍රපටය පෙන්වනවා කියලා. ඉතින් මම යන ගමන් එතැනට ගියා film එක බලන්න ආපු අයත් එක්ක කතා කරන්න. එතැනදී film එක බලන්න ආපු විශාල පිරිස එක්ක කතාකරන්න සහ එයාලත් එක්ක පින්තූර ගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ සියලු ම දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද අපි කරන රැකියාව කොච්චර වෙහෙස කරත් එයාලගෙ ආදරය අපිව තවත් ශක්තිමත් කරනවා.

මේ ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත්?

ගොඩක් සතුටුයි. Fail වෙච්ච තැන් තියෙනවා, succes වෙච්ච තැන් තියෙනවා. Fail වෙච්ච තැන් හදාගෙන, අලුත් දේවල් ඉගෙන ගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

පහුගිය දවස්වල ජාත්‍යන්තර සමුළු කිහිපයකටත් සහභාගි වුණා නේද ?

ඔව්. ඉන්දියාවේ නව දිල්හි නුවරේ දී, ICSE (International Conference on Sustainable Education) 2023 ලෝක සමුළුව තිරසාර අධ්‍යාපනය යන තේමාව යටතේ පැවැත්වුණා. මේ සමුළුව ප්‍රධාන වශයෙන් සංවිධානය කරනු ලැබුවේ Mobius Foundation සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි Ram Boojh මහතා. UNICEF, UNESCO, UNEP, WWF සංවිධාන ඇතුළු රටවල් 50ක නියෝජිතයින්ගේ නියෝජනයෙන් මේ සමුළුව පැවැත්වුණා. එහිදී තිරසාර අධ්‍යාපනය ගැන ලංකාව නියෝජනය කරමින් දේශනයකට මටත් ආරාධනාවක් ලැබුණා. මේ සමුළුවට 4000කට ආසන්න පිරිසක් සහභාගි වුණා. ඒ ඇරුනම තවත් රටවල් 50කින් online තාක්ෂණය හරහා විශ්වවිද්‍යාල විශාල සංඛ්‍යාවක් එක්ක බද්ධ වෙලා දේශන පවත්වන්න පිරිස සහභාගි වුණා.

ඒ ඇරුනම ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු ගණිතඥයෙකු වූ ශ්‍රීනිවාස රාමානුජාන් නමින් ඉදි වුණ ඉන්දියාවේ නව දිල්හි විශ්වවිද්‍යාලයට අයත් රමණුජාන් විශ්වවිද්‍යාලය විද්‍යායතනය
(Ramanujan University College” Delhi University) ඉන්දියාවේ තිබෙන ලොකුම සහ එකම පාරිසරික විශ්වවිද්‍යාලයේ පරිසර අධ්‍යයන අංශයේ අවසන් වසර සිසුන් සඳහා පරිසරය පිළිබඳ විශේෂ දේශනයක් පැවත්වීමටත් මට ආරාධනා ලැබුණා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment