‘සෙලින්කෝ VIP සයිබර් තරු’ තරගය අති සාර්ථකව නිමා වෙයි

206

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් දියත්කළ අලුත්ම ඔන්ලයින් තරගාවලිය වන ‘සෙලින්කෝ VIP  සයිබර් තරු’ පසුගිය මාස 4 පුරා ක‍්‍රියාත්මක වෙමින් පසුගිය සතියේ අති සාර්ථකව අවසන් වූයේ සුපිරි ත්‍යාග දිනූ ජයග‍්‍රාහකයින්හට වටිනා ත්‍යාගද ලබාදෙමිනි.

 පේ‍්‍රක්‍ෂක මනාප 56,600 ක් ලබාගනිමින් මතිනාදන් ලෝගනාදන් ගායන තරගය ජයග‍්‍රහණය කළ අතර, පේ‍්‍රක්‍ෂක මනාප 77,000 ක් ලබාගනිමින් අග්නි කණ්ඩායම නර්ථන තරගය ජයග‍්‍රහණය කළේය. ජයග‍්‍රාහකයින් දෙදෙනාටම වටිනා මුදල් ත්‍යාග පිරිනමනු ලැබිණි. උද්‍යෝගීමත්ව සහ ක‍්‍රියාශීලීව මනාප පළ කිරරීමට දායකවූ 375,000 කට අධික පේ‍්‍රක්‍ෂකයින් අතරින් තෝරාගත් හය දෙනෙකු සඳහාද අගනා මුදල් ත්‍යාග පිරිනැමිනි.

 සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් හි ප‍්‍රධාන විධායක නිලධාරි පැට්ටි‍්‍රක් අල්විස් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් ‘සෙලින්කෝ VIP සයිබර් තරු’ තරගයට සහභාගී වූ සියලුම දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා. ඒවගේම සියලුම තරගකරුවන් මේ තරගයට දක්වපුු උනන්\ුව සහ කැමැත්ත ගැන අපි ඉතාමත් සතුටට පත්වුණා.

advertistmentadvertistment
advertistmentadvertistment