කේරළයේ යොහෝවා සාක්ෂිකරුවන්ගේ යාච්ඤා මෙහෙයේදී බෝම්බ පුපුරයි

438

කතක් මරුට: 20 කට තුවාල

ඉන්දියාවේ කේරළ ප්‍රාන්ථයේ යොහෝවා සාක්ෂිකරුවන්ගේ සම්මේලන ශාලාවක බෝම්බ කිහිපයක් පුපුරා යෑමෙන් එක් තැනැත්තකු මියගොස් තවත් විස්සකට අධික පිරිසක් තුවාල ලබා ඇත.

කලාවාසරි ප්‍රදේශයේ පිහිටි යොහෝවා සාක්ෂිකරුවන්ගේ සම්මේලන ශාලාවක ඊයේ (29 දා) ඉරිදා උදේ 9.30 ට පමණ මෙම පිපිරීම් වාර්තාවී ඇත. ඒ වනවිට එම ශාලාව තුළ දෙදහසකට අධික පිරිසක් රැස්ව සිට ඇත.

යොහෝවා සාක්ෂිකරුවන්ගේ සම්මේලනය සිකුරාදා සිට ආරම්භවී ඇත. ඉරිදා දිනයේ යාච්ඤා මෙහෙය ආරම්භවී විනාඩි දහයක් ගතවන විට මේ පිපිරීම් වාර්තාවී ඇත.

මෙහිදී පිපිරීම් හතරක් සිදුව ඇත.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. එසේම කේරළ මාධ්‍ය විසින් මෙම ප්‍රහාරය පිටුපස මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් ඇතැයි හෙළිවිණ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment