මහවිරු උළෙලට එරෙහි පොලිසියේ ඉල්ලීම් වලට උසාවිය බැහැ කියයි

205


උතුරේ මහවිරු උළෙලවල් පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරණ ලෙස කයිට්ස් හා ඩෙල්ෆ්ට් පොලීසී විසින් කයිට්ස් හා මල්ලාකම් අධිකරණ වලින් කළ ඉල්ලීම් දෙකක් එම අධිකරණ දෙක විසින් ප‍්‍රතික්ෂේප කොට තිබේ.
එම අධිකරණ වල මහේස්ත‍්‍රාත්වරු පොලීසියට ප‍්‍රකාශ කොට ඇත්තේ එම පළාත් වල මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමක් පිළිබදව පූර්ව වාර්තා ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.
යම් පිරිසක් මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමට උත්සහ කරන්නේ නම් පොලීසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හෝ විසුරුවා හැරීමට බලය ඇති බවද මහේස්ත‍්‍රාත්වරු ප‍්‍රකාශ කොට තිබේ.මෙම තීන්දුව ඊයේ ප‍්‍රකාශයට පත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment