මළගෙදර ගැටුමෙන් පස් දෙනෙක් රෝහලේ

536

මුලතිව් පුදුකුඩීඉරිප්පු සුතන්තිරපුරම් ප්‍රදේශයේ මළ ගෙදරකදී ඇති වූ ගැටුමකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඉන් පස් දෙනෙකු 30දා රෝහල ගත කොට තිබේ.

තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් දෙදෙනාව පුදුකුඩීඉරිප්පු රෝහලේ සිට යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇත.

දෙපාර්ශ්වයක් අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් පුදුකුඩීඉරිප්පු සුතන්තිරපුරම් ගම්මානයේ 61 හැවිරිදි වැසියෙකු පොල් ගසකට නගිමින් සිටියදී ගසින් ඇද වැටී මරණයට පත්ව ඇති අතර යාපනයේ සිට පැමිණි මියගිය පුද්ගලයාගේ ඥාතීන් පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයා ගසකට නැංවීම ගැන උරණව කතා කොට ඇති අතර එම ගැටුම දුරදිග ගොස් අවසනයේදි එම ගැටුම යකඩ පොලු‍වලින් පහරදී ගන්නා තරමට දරුණුවීම නිසා මේ පිරිස තුවාල ලබා ඇත. පුදුකුඩීඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment