විදේශ සේවා ගාස්තු වෙනස් වෙයි

476

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා ගාස්තු සංශෝධනය කර ඇත. ඊයේ (01 වැනිදා) සිට සංශෝධනය කළ මෙම නව ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ.

සංශෝධනය කර ඇති ගාස්තු මෙසේය. විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව පැවැති අගය වූ – රුපියල් 17,928.00 (බදු සමග) නව අගය – රුපියල් 21,467.00 (බදු සමග)කි. ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව පැවැති අගය වූ – රුපියල් 3,774.00 (බදු සමග) නව අගය – රුපියල් 4,483.00 (බදු සමග)කි. රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරීමේ ගාස්තුව පැවති අගය වූ රුපියල් 58,974.00 (බදු සමග) නව අගය ලෙස රුපියල් 117,949.00 (බදු සමග) වේ. 2023 ජුනි මස 23 වැනිදා දිනැති අංක 2337/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන මෙම අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කළේය. මේ අතර රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රී ලාංකිකයකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ. එසේම විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යෑම සඳහා කාර්යාංශය විසින් බලපත්‍ර ලබාදෙනුයේ වසරක කාල සීමාවක් සඳහා වන අතර, එම ආයතනය තවදුරටත් පවත්වා ගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබා ගැනීම පනතේ විධි විධාන යටතේ සිදුකළ යුතුවේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment