ආණ්ඩුව මැතිවරණ හකුලන හැටි විපක්ෂ නායක හෙළි කරයි

160

මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත් වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය සඟවා තබා ගැනීම උදෙසා තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.මේ වනවිට විවිධ කූට උපායන් 22ක් පමණ යොදා මැතිවරණය නොපැවැත්වීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත් ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වූ තැන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිකුත් නොකිරීම ආණ්ඩුවේ අවසන් උපක්‍රමය වී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩප්‍රස්ථා හැකිලීමක් බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment