එස්.එල්.සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය – බ්ලූස් කණ්ඩායමට වර්ෂාවෙන් සහනයක්

443

එස්.එල්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ගේ‍්‍රස් කණ්ඩායම සහ බ්ලූස් කණ්ඩායම අතර ඊයේ (22 වැනිදා) සවස පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම මත තරගය විසඳුමකින් තොරව අවසන් කර දැමීමට විනිසුරුවන් තීරණය කළේය. එ් අනුව තරගාවලියේ අවසන් මහා තරගය සඳහා තවදුරටත් බලාපොරාත්තු තබා ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමට හැකියාව ලැබිණි.

 ලකුණු 157ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය බ්ලූස් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විටදී පන්දුවාර 3.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 33ක් වාර්තාකරගෙන සිටියේය. එ් අනුව තරගයේ ජයග‍්‍රහණය සඳහ ඔවුන් පන්දු 118ක් තුළදී කඩුලූ 9ක් අතැතිව තවත් ලකුණු 124ක් පිටුපසින් පසුවිය.

 කෙසේ වෙතත් තරගය අත්හැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප‍්‍රසාද ලකුණු සම සමව හිමි වූ අතර යම් හෙයකින් ඊයේ රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතව තිබූ රෙඞ්ස් සහ ගී‍්‍රන්ස් කණ්ඩායම අතර තරගය නොපැවැත්වුවහොත් හෝ තරගයේදී රෙඞ්ස් කණ්ඩායම පරාජයට පත්වුවහොත් අවසන් මහා තරගය සඳහා ප‍්‍රවේශ වීමට බ්ලූස් කණ්ඩායමට අවස්ථාව හිමි වී තිබිණි.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගේ‍්‍රස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 156ක් ලබා ගැනීමට සමත්විය. සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ නුවනිඳු ප‍්‍රනාන්දු පන්දු 36කදී නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළේය. තරගයේ අවසන් පන්දුවෙදී වාර්තා වූ එම අර්ධ ශතකයට හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් අන්තර්ගත විය.

 චරිත් අසලංක පන්දු 44කදී ලකුණු 57ක් වාර්තා කළ අතර හයේ පහර 3ක් සහ හතෙර් පහර 3ක් එම ඉනිමට ඇතුළත්විය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය බවට පත්ව සිටින ගේ‍්‍රස් නායක දසුන් ශානක ඊයේ දිනයේදී ලකුණු 15ක් ලබා සියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව සහන් ආරච්චිගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment