ෂාෆ්ටර්ගේ දේහය භූමදානයට අවසර දෙයි

207


විමර්ශන කටයුතු ගොඩගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දුන්නේය.

ඒ අනුව ඒ මහතාගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත්කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කරතිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment