නිලාවේලී සහ පරෙවි දූපත සංචාරකයින්ගෙන් ඉතිරිලා

139

පරෙවි දූපත් උද්‍යාන භාරකරු මොණරතැන්න

ත්‍රිකුණාමලය, නිලාවේලී මුහුදු තීරය හා සංචාරක පුරවරයක් වන පරෙවි දූපත මේ දිනවල සංචාරකයින් ගෙන් පිරී ඉතිරී ඇති බව පරෙවි දූපත් උද්‍යාන භාරකරු මොණරතැන්න මහතා පැවසීය.

විශේෂයෙන් නිලාවෙලී මුහුදු තීරය ආශ්‍රිත සංචාරක ප්‍රදේශයේ දවසේ පැය විසිහතර පුරාම විවිධ රටවලින් පැමිණි ලොකු කුඩා ගැහැනු පිරිමි මහත් සතුටින් වෙරළ තීරයේත් කඩවීදියේත් එහා මෙහා යනු දක්නට ලැබීම සුලබ දසුනකි.

මොවුන් ගේ පැමිණීම නිසා මෙම ප්‍රදේශයන්හි සංචාරකයින් පිනවන බෝට්ටු හිමියන්ද, වෙරළ තීරයේ වතුර බෝතල් ඇතුළු විදේශිකයින් ප්‍රිය කරන කෑම වර්ග, පලතුරු සහ මුහුදු බෙල්ලන් විකුණන පිරිස්ද දිනකට රුපියල් තුන් හාරදහසක මුදලක් උපයති. විදේශිකයින් වඩාත් කැමති එවේලේම බැද දෙන ඉස්සන්, පොකිරිස්සන් වැනි මාළු වර්ග මහත් ඉල්ලුමක් පවතින බව උද්‍යාන භාරකරු අප හා පැවසීය. අප රටේ මේ වනවිට නොයෙකුත් දුෂ්කරතා අපහසුතා පැවතියද සංචාරකයින් අපේ රටේ සුන්දරවත්වය නැරඹීමට දක්වන ඇල්ම බිඳකුඳු අඩුවී නොමැති බව මෙයින් දැනෙන බැවින් හිතට ඇති වන්නේ මහත් සතුටක් බව මොණරතැන්න මහතා වැඩිදුරටත් පැවසී ය.
කන්තලේ – ඩබ්.එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment