පුහුණුව සාර්ථකයි – පැපුවානිවිගිනියාවට එරෙහිවත් ලකුණු 38 ක ජයග‍්‍රහණයක්

699

පැපුවානිව්ගිනියා කණ්ඩායම සමඟ ඊයේ (14 දා) පැවැති පුහුණු තරගයෙන් ලකුණු 38 ක ජයග‍්‍රහණයක් ලැබූ ශ‍්‍රී ලංකාව පන්දුවාර 20 – 20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන පැවැති පුහුණු තරග දෙකම ජය ගෙන සිය පුහුණුව සාර්ථකව නිම කිරීමට සමත් විය.

පැපුවානිව්ගිනායාව සමග පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා නායකයා අබුඩාබි ක‍්‍රීඩාපිටියේදී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එහිදී කඩුලූ 5 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

පුහුණුව සාර්ථකයි - පැපුවානිවිගිනියාවට එරෙහිවත් ලකුණු 38 ක ජයග‍්‍රහණයක්

දිගින් දිගටම ලකුණු අතර සිටිමින් පසුගිය තරග ජයග‍්‍රහණ බොහොමයක වැඩි බරක් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉසිලූ අවිශ්ක ප‍්‍රනාන්දු මෙම තරගයේදීද ලකුණු 61 ක් ලබා ගත්තේය. එහිදී පන්දු 37 ක් තුළ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් තම ඉනිමට එකතු කරගත් අවිශ්ක පැපුවානිව්ගිනියා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප‍්‍රහාරයක් දියත් කළේය.

පැතුම් නිශ්ශංක ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ අතර හයේ පහර  2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් පැතුම් ලකුණු 76 ක් ලබාගත්තේය.

ශ‍්‍රී ලංකා ඉනිමට පිළිතුරු සැපයූ පැපුවානිව්ගිනියා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී රැුස්කර ගැනීමට හැකිවූයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 124 ක් පමණි.

පැපුවානිව්ගිනියා කණ්ඩායම වෙනුවෙන් නායක අසාදි වාලා ලකුණු 51 ක් ලැබූ අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොදුන්හ. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමිර ලකුණු 20 කට කඩුලූ  2 ක් සහ වනිදු හසරංග ලකුණු 16කට කඩුලූ 2 ක් දවා ගත්හ.

පැපුවානිව්ගිනියා කණ්ඩායම වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ කුබුවා මොරේයා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලූ 5 න් කඩුලූ 4 ක් ම දවා ගෙන සිය පන්දුවාර 4 ලකුණු 25 කට සීමා කළේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නායක දසුන් ශානක, චාමික කරුණාරත්න, සහ මහීෂ තීක්‍ෂණ එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු සාරාංශය –

ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 162

පැතුම් නිශ්ශංක 76, අවිශ්ක ප‍්‍රනාන්දු 61, පන්දු යැවීම (කුබුවා මොරේයා 25 – 4)

පැපුවානිව්ගිනියාව ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 124

අසාද් වාලා 51, වනිඳු හසරංග 16 – 2, දුෂ්මන්ත චමීර 20 – 2

පුහුණුව සාර්ථකයි - පැපුවානිවිගිනියාවට එරෙහිවත් ලකුණු 38 ක ජයග‍්‍රහණයක්

advertistmentadvertistment
advertistmentadvertistment