විහාරමහා දේවි උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය ජනපති නිරීක්‍ෂණයට…

256

කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක‍්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය පෙරේදා (02දා* රාත‍්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. යුද හමුදාව මගින් ක‍්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව ඇති අතර විශාල පිරිසක් ඇස්ට‍්‍රාසෙනිකා දෙවන මාත‍්‍රාව ලබාගැනීමට එම ස්ථානයට පැමිණ සිටියහ. ජනාධිපතිවරයා ඔවුන් සමග කතාබහ කර තොරතුරු විමසා බැලීය.

 එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට කැපවී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සියලූ‍ දෙනාට ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තූතිය පළ කළේය.

 සෞඛ්‍ය ලේකම්, මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment