ශු. මරිය මග්දලේනා මුනිතුමියට කැපකර ඇති දුන්ගාල්පිටිය දෙව්මැඳුරේ 104 වන වාර්ෂික මංගල්‍යය

51

ලංකාවේ කතෝලික දෙව්මැඳුරු අතරින් ශු. මරිය මග්දලේනා මුනිතුමියට කැපකර ඇති එකම දෙව්මැඳුර වන දුන්ගාල්පිටිය දෙව්මැඳුරේ 104 වන වාර්ෂික මංගල්‍යය මෙම මස 22 ඉරිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව මීසම් සේවක කසුන් ඉෂාර පියතුමා දිවයිනට පැවසුවේය.

මංගල්‍යයට සූදානම් වීම සඳහා ගමේ පරලෝසැපත් සියලුදෙනා සිහිකර 12 වැනි බදාදා සුසාන භූමියේ දිව්‍ය පූජාවක් පවත්වනු ලබයි.

13 වැනි බ්‍රහස්පතින්දා සවස 5 පූජාවෙන් පසු කොඩිගස ඔසවනු ලබයි. 14 වැනි සිකුරාදා සිට 21 දා දක්වා දිනපතා නුවානය සමඟ දිව්‍ය පූජාව පැවැත්වේ.

22 සෙනසුරාදා සන්ධ්‍යා මෙහෙය සමන් ද පෙරේරා පියතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 23 ඉරිදාා මංගල දින අලුයම දිව්‍ය පූජාව 5.30 ට පමුණුගම මීසම් පාලක ජාඇල කලාපීය අනුනායක ග්‍රාමයේ පූජක පුතකු වන සාගර හෙට්ටිආරච්චි පියතුමන් විසින් සිදුකරනු ලබයි. මංගල මහ පූජාව උදේ 7.30 ට ග්‍රාමීය පුතකු වන හැඳල පල්ලිය වත්ත මීසම් පාලක තාරක මිහිඳුකුලසූරිය පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එදින සවස 7 ට ග්‍රාමීය පූජක පුතුන් විසින් ද දිව්‍ය පූජාවක් පැවැත්වෙන බව මීසම් පාලක පියතුමන් පැවසීය.

දුන්ගාල්පිටිය
ජූඩ් හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment