කොළඹ ජාතික රෝහලේ අරක්කු තැබෑරුමක්!

1097

කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක සෞඛ්‍ය කාර්ය සහායිකාවකට අයත් කබඩ් එකක තිබී අති විශේෂ ලේබලය සහිත රජයේ අරක්කු බෝතල් 7ක් සොයාගෙන ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

රෝහල් පරිපාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව මෙම අරක්කු බෝතල් සොයාගෙන ඇත.

අරක්කු බෝතල් තොගය කබඩ් එක තුළ සඟවාගෙන සිටි සෞඛ්‍ය සහායිකාව ද අල්ලාගත් බවද එම රෝහල් ප්‍රකාශකයකු කීය.

මෙම අරක්කු බෝතල් රෝහලේ ඇතැම් සේවකයන්ට විකිණීම සඳහා මෙලෙස සඟවා තබන්නට ඇතැයි සැකකරන බවද එම රෝහල් ප්‍රකාශකයා කීය.

මේ ගැන සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇති අතර එම සෞඛ්‍ය කාර්ය සහායිකාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා වේ.

45 හැවිරිදි අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව පරිපාලනය විසින් මරදාන පොලිසියට භාරදී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment