තිදරු මව පෙම්වතා සමග පැනගොස් සයමස් බිළිඳාට දසවද දීලා

575

තිදරු මවක වන තම බිරිඳ තම අතදරු සයමස් බිලිඳාද රැුගෙන ඇගේ පෙම්වතා සමග පවුල් කමින්, පෙම්වතා සමග එක්ව දරුවාට අමානුෂික ලෙස වධ දී ඇගේ මවගේ නිවසේ දමා ගොස් සිටියදී දරුවාගේ පියා විසින් දරුවා ජාඇල පොලිසියට රැුගෙන විත් තිබේ. එහිදී බිරිඳටත් ඇගේ පෙම්වතාටත් එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව ජාඇල පොලිසිය පවසයි.

 
 මේ වන විට පොලිසියට රැුගෙන ආ සයමස් වියැති අදාළ දරුවා තැනින් තැන සපා කෑම් සහ පිලිස්සුම් තුවාල සහිතව මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. මේ වන විට දරුවා මීගමුව රෝහලේ 15 වෙනි වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කරයි.
 
 අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සිදුකරන විමර්ශනයේදී සීදුව දබතුරේ පදිංචි අදාළ දරුවාගේ මිත්තනිය පොලිසියට කට උත්තරයක් ලබා දෙමින් තම දියණිය තවත් පුද්ගලයකු සමග කලූපාට මෝටර් රථයකින් පැමිණ ඇගේ සිඟිති දරුවා තම නිවෙසේ බලෙන්ම දමා ගිය බව සඳහන් කර ඇත.
 
 දරුවාගේ පියා බව පවසන ස්වර්ණහංසවිල සුදුවැල්ල තුඩැල්ල යන ලිපිනයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු ජාඇල පොලිසියට පවසා ඇත්තේ තම බිරිඳ තමන් අතහැර තවත් පුද්ගලයකු සමග මීට ටික කලකට ඉහත
 
 පැනගිය බවය. ඒ සමග තම දරුවාද රැුගෙන ගිය අතර ඉකුත් 28 දින තම බිරිඳ තමන්ට දුරකතන ඇමතුමක් ලබා දෙමින් අදාළ දරුවා සීදුව තම මවගේ ගෙදර දමා ආ බවත් ඉක්මනින් ගොස් දරුවා රැුගෙන යන ලෙස තමාට දැනුම් දුන් බවත් සඳහන් කර ඇති බව ජාඇල පොලිසිය කියයි.
 
 මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ පැමිණිලිකරු පවුල් ආරවුලක් නිසා රිමාන්ඞ් භාරයේ සිට පැමිණි අයකු වන අතර අදාළ දරුවාගේ මවද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් පිළිබඳව රිමාන්ඞ් භාරයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වන බවද ජාඇල පොලිසිය පවසයි.
 
 සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවකු පොලිස් අත්අඩංගුවට ගෙන නැති අතර ජාඇල පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.
 
බී.ටී.කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment