අපූරු කෙසෙල් කැනක්

743
kesel

වැලිවේරිය,  නැදුන්ගහහේන පන්සල පාර පදිංචි නිලංග ප‍්‍රසාද් පෙරේරාගේ නිවසේ ගෙවත්තේ අපූරු කෙසෙල් කැනක් පීදී තිබේ. එම කෙසෙල් කැන පිළිබඳව විස්තර කළ ඒ මහතා මෙසේ පැවසීය.

මේක ඇඹුල් කෙසෙල් ගහක්. අඩි 15 ක් විතර උස ගහේ ඇඹුල් කෙසෙල් කැන අමුතු විදිහටයි පිහිටලා තිබුණේ. සාමාන්‍යයෙන් කෙසෙල් කැනක් නැට්ටත් එක්ක පහළට එල්ලෙන නමුත් මේ කෙසෙල් කැන කෙසෙල් ගහ මැද්දෙන් ඉහළට හැදිලා තියෙන්නේ. මේ කැනේ කෙසෙල් ගෙඩි 100 ක් විතර හැදිලා තියෙනවා. මේක අහඹු සිද්ධියක්. මීට පෙරත් මේ ගහෙන් ඔය ආකාරයෙන් ගෙඩි 65 ක කැනක් ආවා.

– ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment