අල්ලස් ගත් ලංගම නිලධාරියෙක් අත්අඩංගුවට

740

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිගුරක්ගොඩ දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම නිලධාරියා දියසෙන්පුර ඩිපෝවේ බස්රථ කොන්දොස්තරවරයෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී ඊයේ මැදිරිගිරිය විහාර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බස්රථ කොන්දොස්තරවරයා විසින් මගීන්ට ප්‍රවේශපත් නොදීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහු නිදහස් කිරීම සඳහා මෙලෙස අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කර ඇති බව හෙළිවී ඇත.

සැකකාර දියසෙන්පුර ඩීපෝව භාර නිලධාරියා පොළොන්නරුව පොලීසියට භාරදීමෙන් පසු කොළඹට රැගෙනවිත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment