එජාප තරුණ බළකායේ නව සභාපති තරිඳු මධුසංඛට රුවන් පත්වීම භාරදෙයි

117

තරුණ ව්‍යාපාරිකයකු වන තරිඳු මධුසංඛ මහතා එක්සත් ජාතික පක්ෂයේ තරුණ බළකායේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී ඉකුත්දා විශාල තරුණ තරුණියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයක දී එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් තරිඳු මධුසංඛ මහතාට නව ධුරට අදාළ ලිපිය පිරිනමනු ලැබීය.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික සංවිධායක සාගර රත්නායක යන මහත්වරුන් ඇතුළු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

නැඟෙනහිර කුප්පියාවත්ත නාගරික කොට්ඨායෙන් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගර සභාවට තරග වදින තරිඳු මධුසංඛ මහතා බොරැල්ල මැතිවරණ කොට්ඨාසයේ තරුණ දේශපාලනඥයෙකි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment