එස්.ටී.එෆ්. වෙලට බහී: පොලුත් හිටවයි

237

කළුතර, බේරුවල මහ වෙල්යාය ප්‍රදේශයේ පුරන්ව ගිය අක්කර 7ක පමණ වගුරු බිමක වගා කිරීමේ කටයුතු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් යුතුව අධ්‍යක්ෂ පුහුණු විශේෂ කාර්ය බළකාය කළුතර කලාප අණදෙන නිලධාරි අධිවේගී මාර්ගයේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් යුතුව කළුතර බේරුවල මහ වෙල්යාය ප්‍රදේශයේ අක්කර 7ක පමණ පුරන්ව ගිය වගුරු බිමක් මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල් අනුගමනය කරන ලෝකයේ දියුණුම වගා කිරීමේ තාක්ෂණික ක්‍රමයක් වන සෝජාන් ක්‍රමය මෙරටට හඳුන්වා දෙන නියමු ව්‍යාපෘතියක් සහ ආදර්ශ වගා බිමක් ලෙස ආරම්භ කර තිබේ.

මෙහිදී සෝජාන් ක්‍රමය යටතේ පොල් පැළ වගා කිරීම නිල වශයෙන් ආරම්භ වූ අතර ඉදිරියේදී පුරන් කුඹුරු අක්කර සියයක් සහ පොල් අක්කර 45ක් වගා කිරීම සඳහා දැනටමත් සියලු කටයුතු සංවිධානය කර ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි. මෙම සෝජාන් වගා ක්‍රමය යටතේ පොල්වලට අමතරව මිරිදිය මත්ස්‍ය වගාව ද සිදුකරන අතර එයට සමගාමීව එළවළු සහ වෙනත් භෝග වගා කරනු ලබයි.

කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජානක මහතාගේ සෘජු අධීක්ෂණය සහ උපදේශකත්වය මේ සඳහා ලැබුණු අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් රංජන් පී. පෙරේරා මහතාගේද දායකත්වය ලැබී තිබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ. ඒ. තුසිත නන්දන මහතා අවශ්‍ය බීජ දුන්නේය. තවත් බොහෝ පිරිසක් සහාය වී තිබේ.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment