තබ්බෝව ජලාශයේ ගිලී ශිෂ්‍ය හිමිනමක් අපවත් වෙයි

39

තබ්බෝව ජලාශයේ දියේ ගිලී පසුගියදා තරුණ භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වී ඇතැයි කරුවලගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස අපවත් වී ඇත්තේ රජරට භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි හීල්ඔය සංඝානන්ද නමැති 29 හැවිරිදි හිමිනමක් බව පොලිසිය පවසයි.

හබරාදූව, කොග්ගල, තලාතුඩුව විවේක සේනාසනයේ භික්‍ෂුන් වහන්සේ නමක් වූ උන්වහන්සේ වනාතවිල්ලුව ශ්‍රී ධර්මරාජ විහාරස්ථානය වෙත ගොස් පසුව විහාරස්ථ භික්‍ෂුන් වහන්සේ පිරිසක් සමග තබ්බෝව ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි. හිමිනමගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබිණි. උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා දිය නාමින් සිටි ස්ථානය ඉතා ගැඹුරු අවදානම් ස්ථානයක් බව හෙළිවිණැයි පොලිසිය කියයි. මේ පිළිබඳව කරුවලගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුජීව අලවත්ත මහතාගේ උපදෙස් මත උ.පො.ප. ප්‍රේමදාස ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment