දෙලක්‍ෂ හැටදහසක ඩීසල් ප්‍රවාහනය කරද්දී අල්ලයි

165

රුපියල් දෙලක්ෂ හැට දහසකට අධික වටිනාකමකින් යුත් ඩීසල් ලීටර් 595ක් පලපත්‍ර රහිතව ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මන්නාරම් සයිඩ් සිටි ප්‍රදේශයේදී පෙරේදා (8දා) එහි රියැදුරු සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මන්නාරම විශේෂ කාර්ය බළකාය නිලධාරීන් ට ලද තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මන්නාරම කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඒ. සී. කේ. මාරපන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් වැඩි මිලට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ එම ඉන්ධන තොගය හා සැකකරු අත්අඩංගුවට ගෙන ලොරි රථය පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු හා අත්අඩංගුවට ගත් ඉන්ධන වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දී තිබේ.

ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment