ලෙබනනයේ සාමසාධක රාජකාරියට ගිය යුද හමුදා භට කණ්ඩායම නැවතත් දිවයිනට

63

ලෙබනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා යුද හමුදා 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිමවා (02 දා) නැවත දිවයිනට පැමිණියේය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා 2023 මාර්තු මස මෙරටින් පිටත්ව ගොස් සිටි මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ අතුරු බළකා මූලස්ථානයේ රාජකාරී කටයුතු සිදුකරන ලදී. කර්නල් ඩී. පී. අයි. ටී. කලුඅග්ගල ආර්එස්පී යුඑස්පි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ රාජකාරි සිදුකළ එම භට පිරිසට අයත් නිලධාරින් 10 දෙනෙකු සහ සෙසු නිලයින් 115 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි කණ්ඩායමට අයත් විය.

සාමසාධක රාජකාරී කාලසීමාව නිම කර මෙරටට පැමිණි එම භට කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරාල් බී. කේ. ජී. එම්. එල්. රුද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බි්‍රගේඩියර් කේ. ඒ. ඩී. එන්. ආර් කන්නන්ගර ආර්එස්පී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment