ජනපති ද්‍රවිඩ මන්ත්‍රීවරුන් හමුවේ

74

උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පවත්වා තිබේ.එහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන කමිටු අවස්ථාවේදී සැලකිල්ලට ගන්නා බවය.ඊට සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතය.එසේම එහිදී ජනාධිපතිවරයා ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිර්දේශ කර ඇති සංශෝධන ද සලකා බැලීමට නියමිත බවය. එසේම උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සදහා ද මෙහිදී අවධානය යොමු කර ඇත. ඒ සඳහා ඉරණමඩු සහ පූනිකෙරි ජල ටැංකි ධාරිතාව වැඩි කිරීම සම්බන්දයෙන් ද සාකච්ඡා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment