අරගලයෙන් එළවපු පාලකයෝ අරගලකරුවන්ට පාඩමක් උගන්වන්න පටන් අරගෙන

92

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

අරගලය විසින් පාලකයන්ට පාඩමක් ඉගැන්නුවද මේවන විට එම එලවපු පාලකයෝ අරගලකරුවන්ට පාඩමක් උගන්වන්න පටන් අරගෙන යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10දා) පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

අරගලයට වසරක් වන ඓතිහාසික දිනයක් ඊයේ නිමා කළා. නමුත් ඒ අරගලයේ බලාපොරොත්තු ඉටු වුණාද කියන ප්‍රශ්නය රට තුළ තියෙනවා. අරගලය තුළින් මේ රටේ ජනතාව සියලු‍ දෙනා එකතු වෙලා මේ රටට අවශ්‍ය කාරණා පිළිබඳව හඬක් නගමින් රට පාලනය කර දේශපාලන ක්ෂේත්‍රය වෙනස් කරන්න ජනතාව ඉදිරියට ආවා.ඒඅරගලයේ ප්‍රධානතම අරමුණක් තමයි දූෂණය නැති කරන්න අවශ්‍ය කටයුතු කරන එක බව ඔබ දන්නවා. ඒ වගේම අරගලය අවසන් වෙලත් ජනතාව දූෂණය ගැන කතා කරන කොට අන්තිමට මොකද වුණේ අරගලයේ බලාපොරොත්තු ඉටු වෙලාද? අද බැලු‍වම ඒ රටේ ජනතාව එපා කියපු කණ්ඩායම තවමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ජනතා නියෝජිතයන් විදියට ඉන්නවා. එය හරියට පරණ වයින් බෝතලයේ මූඩිය විතරක් වෙනස් වුණා වගේ. අද මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ අරගලයේ ජයග්‍රහණයක් තියෙනවා. එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපතිවරයා ජනතාවගේ බලයෙන් පහකර දැම්මා. හැබැයි කාලයාගේ ඇවෑමෙන් අන්තිමට බංකර ඇතුලේ හමුදා කඳවුරවල හිටපු සියලු‍ දෙනා එළියට බැහැලා අරගලකරුවන්ට පාඩමක් උගන්වන තත්ත්වයට පත්වෙලා. එදා වුණේ අරගල කරුවන් පාලකයින්ට පාඩමක් උගන්වන එක. දැන් ඒ එලවපු පාලකයෝම අරගල කාරයන්ට පාඩමක් උගන්වන්න පටන් අරගෙන තියෙනවා.

අරගලය ගැන කතා කරනකොට ප්‍රධාන කාරණයක් තමයි දූෂණ විරෝධී පනත අද මොකක්ද ඒකට වෙලා තියෙන්නේ දූෂණ විරෝධී පනත විෂයභාර අමාත්‍යවරයා අකමැත්තෙන් කල් දමමින් ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ අදෘශ්‍යමාන හස්තයක් තවම ක්‍රියාත්මක වෙනවා. රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඉන්න අය නෙමෙයි. පාර්ලිමේන්තුවෙන් එදා අරගලය නිසා ඉල්ලා අස්ව වෙච්ච අය. පාර්ලිමේන්තුව පිට ඉඳගෙන තවමත් පාලනය කරන තත්ත්වයක් අපට පේනවා. අරගලයේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක් තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම. ඒ දවස්වල ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් වෙන්න ඕන කියලා කිව්ව අය ගෝඨාභය රාජපක්ෂව එළවලාමේරටේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් විය යුතුයි කියලා විශ්වාස කළා.ර නිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත්වෙලා ජාතික ලැයිස්තුවෙන් ඇවිත් පොහොට්ටුවේ ආශිර්වාදයෙන් ජනාධිපති වෙලා තියෙනවා. ඒ මහා ප්‍රජාතන්ත්‍රවාදියා එය සම්පූර්ණම හකුලන්න කටයුතු කරමින් මැතිවරණ තියන්නේ නැතුව පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා කල් දාන්න ඡන්දයක් නැහැ කියලා. හැබැයි මැතිවරණ කොමිසම දින දෙකක් ප්‍රකාශයට පත් කරලා. අද කොමිසමවත් වචනයක් කතා කරන්නේ නැහැ. පළාත් පාලන ආයතන සියල්ලම විසරුවලා. අද අදෘශ්‍යමාන හස්තය වන ගෙදර යැවූ රාජපක්ෂ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක එකතුවෙලා විසිර වූ පළාත් පාලන ආයතන ටික නැවත බලාත්මක කරන්න යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි සමගි ජන බලවේගය හැටියට ඊට විරුද්ධව අධිකරණයට යනවා.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment