ඩිලංකගේ මග ගිය ඉන්දිකගෙනුත් නව ශ්‍රී ලංකා වාර්තාවක්

155

පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී දැන් ක්‍රියාත්මක ජාතික ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා 02 ක් බිහි කරන්නට ඩිලංක ඉසුරු කුමාර සිකුරාදා සමත් වූ තවත් නව ශ්‍රී ලංකා වාර්තාවක් පෙරේදා ((12 වෙනිදා) බිහි කරන්නට ඉන්දික දිසානායක සමත් වූයේය.

කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පන්තිය නියෝජනය කළ ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 135 ක් ඔසවමින් එම නව ශ්‍රී ලංකා වාර්තාව බිහි කිරීමට සමත් විය.

ඩිලංකගේ මග ගිය ඉන්දිකගෙනුත් නව ශ්‍රී ලංකා වාර්තාවක්

2019 වසරේ උස්බෙකිස්ථානයේ දී පැවති ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය ආශ්‍රිතව කිලෝ ග්‍රෑම් 134 ක් ඔසවමින් තමන් විසින්ම පිහිටුවා තිබුණු තරග වාර්තාව බිඳ හෙළීමට ඉන්දික දිසානායකට ඒ අනුව හැකි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment