දුම්රිය සේවක නිවාඩු අවලංගු කරයි

173

අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද සිට වහාම ක්‍රියාත්මකවන පරිදි අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සදහා හෙට දින සියලුම නිලධාරීන් සේවයට වාර්තා කරන ලෙස ද සේවයට වාර්තා නොකරන නිලධාරීන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද දෙපාර්තුමේන්තු ප්‍රධානීන් වෙත දැනුම්දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment