සල්මල් ආරාමයේ පොඩි කපුවා සිනමාවට

63

සිරස රූපවාහිනී නාළිකාවේ විකාශනය වූ ‘පොප් කෝන්’ ළමා වැඩසටහන තුළින් රංගනවේදියෙකු ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වූ තරිඳු මධුසංඛ, මේ වන විට වේදිකාව, ටෙලි නාට්‍ය හා වෙළෙඳ දැන්වීම් රැසකට තම රංගන දායකත්වය ලබාදීමට සමත්ව ඇත. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය ලද ඔහුව කලා ලොවට හඳුන්වා දී ඇත්තේ අසංග පෙරේරා කලාකරුවා විසිනි. තරිඳු පිළිබඳව වඩාත් කතාබහට ලක්වූයේ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘සල්මල් අරාමය’ ටෙලි වෘත්තාන්තයේ පොඩි කපු මහතාගේ චරිතය තුළිනි. ඔහු රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍ය අතර ආටක නාටක, ජේල්, තෙවැනි ඇස, සක්කාරං, කියාදෙන්න ආදරේ තරම් මෙන්ම චණ්ඩි කුමාරිහාමි ටෙලි නාට්‍ය ද වේ. ඉදිරියේදී තිරගත වීමට නියමිත අරුණ ජයවර්ධන ගේ ‘1970 ලව් ස්ටෝරි’ චිත්‍රපටය තුළින් ඔහුගේ ප්‍රථම සිනමා රංගන ප්‍රවේශය සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment