නැන්දයි-ලේලි, දබර කරන්නේ ඇයි?

1079

අවිවාහක තරුණ-තරුණියන් හා විවාහකයන්ගේ අවධානය යොමු වියයුතු කරුණකි, නැන්දා ලේලි අතර අඩදබර ඇතිවීම.

අප මෙහිදී ඔබේ අවධානය යොමු කරනුයේ තම කේන්දරයට අනුව නැන්දලා, මාමලා, නෑනලා, මස්සිනාලා අතර හොඳ හිත පළුදුවීමට ඇති හේතු සාධක සොයාබැලීම ය.

කේන්දරය තුළින් ඥාතීන් ගැන බැලීමේ දී නැන්දලා, මාමලා, නෑනලා, මස්සිනාලා, ලේලිලා, බෑනලා ගැන බලනුයේ බුධ ග්‍රහයාගෙනි. තම කේන්දරයේ බුධ ග්‍රහයා විසිදෙවැනි දෙර්කාණාධිපතියා වී හෝ නීච සතුරුතා ආදියෙන් දුර්වල වී ඇත්නම් ඉහත සඳහන් ඥාතීන්ගෙන් ඵල අඩුය.

අපි බුධ විසි දෙවැනි දෙර්කාණාධිපතියා වන ලග්න හා නවාංශක බලමු. මෙහිදී වැදගත් වනුයේ ඔබ උපන් ලග්නය මෙන්ම නවාංශකය ද වැදගත් බවය. මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, ධනු, මකර යන ලග්න හයේ දී බුධ 22 වන දෙර්කාණාධිපතියා වන්නේ නැත. මිථුන, කටක, තුලා, වෘශ්චික, කුම්භ, මීන යන ලග්න හයේ දී පමණක් බුධ විසිදෙවැනි දෙර්කාණාධිපතියා වේ. මිථුන ලග්නයේ දී මේෂ හෝ වෘෂභ හෝ මිථුන හෝ නවාංශකයක් හිමිව ඇත්නම් හතර අධිපතියා වීමෙන් බුධ විසි දෙවැනි දෙර්කාණාධිපතියා වේ. කටක ලග්න හිමියන්ට තුලා හෝ වෘශ්චික හෝ ධනු හෝ නවාංශකයක් හිමි වීමෙන් 12 අධිපති වීමෙන් බුධ විසි දෙවැනි දෙර්කාණාධිපතියා වේ. තුලා ලග්න හිමියන්ට මකර හෝ කුම්භ හෝ මීන හෝ නවාංශකයක් හිමි වීමෙන් 12 අධිපති බුධ විසි දෙවැනි දෙර්කාණාධිපතියා වේ. වෘශ්චික ලග්න හිමියන්ට කටක හෝ සිංහ හෝ කන්‍යා හෝ නවාංශකයක් හිමි වීමෙන් 8 අධිපති බුධ 22 වැනි දෙර්කාණාධිපතියා වේ.

නැන්දයි-ලේලි, දබර කරන්නේ ඇයි?

කුම්භ ලග්න හිමියන්ට තුලා හෝ වෘශ්චික හෝ ධනු හෝ නවාංශකයක් හිමි වීමෙන් 8 අධිපති බුද්ධ විසි දෙවැනි දෙර්කාණාධිපතියා වේ. මීන ලග්න හිමියන්ට මකර හෝ කුම්භ හෝ මීන හෝ නවාංශකයක් හිමි වීමෙන් 07ට අධිපති බුධ විසිදෙවැනි දෙර්කාණාධිපතියා වේ. ‘බුධ ස්වක්ෂේත්‍රව හෝ උච්ච ක්ක්‍ෂේත්‍රව එසේත් නැතිනම් සුබ දෘෂ්ටි ආදියෙන් බලවත්ව හත් වැන්නේ සිටීමෙන් නිදහස් නිවහල් සිතුම් පැතුම්වලින් යුක්ත බුද්ධිමත් කාර්යශූර අයෙක් සහකරු හෝ සහකාරිය ලෙස ලැබෙයි. මාගේ (විවාහයට කේන්දරය බලපාන හැටි පොතේ 4 වෙනි පිටුව) බුධ විසිදෙවැනි දෙර්කාණාධිපති යාව වී හත් වැන්නේ සිටීමෙන් ජන්මියාට ලැබෙනුයේ තීක්‍ෂණ බුද්ධියක් නැති, මෝඩයෙකු මෙන් නිතර සෑම කරුණක දීම දොඩමළු වන බුද්ධියෙන් හීන එහෙත් බුද්ධිමතුන් ලෙසින් සමාජයේ කැපී පෙනීමට තැත්කරන අයෙකි. වෙනත් ග්‍රහයන් හා බුධ යෝග වී හත්වැන්නේ සිටී නම් එම ග්‍රහයාගේ ගති ගුණ ද බුධ උසුලන බව සැලකිය යුතුයි. අපි උදාහරණ කේන්දරයක් ගෙන පරීක්‍ෂාකර බලමු. ක්‍රිස්තු වර්ෂ 1980 ජනවාරි මස 04 වැනි දින මිථුන ලග්නයෙන් හා මිථුන නවාංශකයෙන් ද පුෂ නැකතේ 4 වැනි පාදයෙන් ද උපන් තරුණයෙකි. මිථුන ලග්නයේ දී බුධ විසිදෙවැනි දෙර්කාණාධිපතියාව හත්වැන්නේ සිටිනුයේ රවි බුධ යෝගයක් ද ඇතිවය.

ඔහු තවම අවිවාහකයෙකි. විවාහ වීමට තරුණියක් සමග වසර කීපයක් ප්‍රේම සම්බන්ධතා පවත්වා ඇත. දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතුව විවාහ වීමට දිනයක් යොදා තිබිණි. නියමිත දිනට කීපයකට පෙර පෙම්වතියගේ පියා හදිසියේම මිය යෑම නිසා විවාහ වීමේ දින වෙනස් විය. එයින් පසු මනමාලයා පවසනුයේ මනමාලිය මඟහරින බවය. ඇගේ මව ද සහෝදරයා ද එම මඟුලට කැමති නැති බවය.

අපි බුධගෙන් කියවෙන ඥාතීන් පිළිබඳව මුල දී විස්තර කළෙමු. නැන්දලා, මාමලා, නෑනලා, මස්සිනාලා, බුධ නියෝජනය කරයි. පෙම්වතියගේ ් පියා ඔහුගේ මාමා ය. මාමා මිය යෑම නිසා නියමිත දිනට විවාහ විය නොහැකි විය. දැන් එම කටයුතු අවසන්වී ඇතත් නැන්දලා හා මස්සිනාලා ගේ විරුද්ධ වීම නිසා විවාහය සිදුකරගත නොහැකි විය.

මනමාලයා කියනුයේ තමා ඇයට තවමත් ආදරය කරන බවත් එසේම ඇයත් ඔහුට ආදරය කරන බවය. මවගේ හා අයියාගේ බලපෑම නිසා දැන් ඇයට ඔහු නුරුස්සන බවය. ඔහු මෙසේද කීයා සිටියේය. ‘මම එයාව අවුරුද් ගාණක් ආශ්‍රයකරා එයාගේ පිරිසිදු භාවයක් නෑ. ඒ වුණත් මම එයාව බඳින්න කැමැතියි’

ඔහු කියන මේ හැම කාරණයක්ම ඔහුගේ ග්‍රහ චාරයට එකඟය. බුධ විසිදෙවන දෙර්කාණාධිපතියාවී හත්වැන්නේ සිටී ම නිසා ජාතියෙන් හෝ ආගමෙන් හෝ කුලයෙන් හෝ වයසින් හෝ වෙනත් සහකාරියක් ලැබිය යුතුය. ප්‍රශ්න කිරීමේ දී දෙදෙනා අතර කුල වෙනසක් ද ඇති බව දැනගත හැකි විය. සහකාරියගේ අඩුපාඩුවක් ද තිබිය යුතුය. එය ද ඔහු ප්‍රත්‍යක්‍ෂව දැනගෙන ඇත.

2015 ජූලි 14 තෙක් ගුරු ගමන් කළේ කටක රාශියේය. උපතේ දී සඳු කටක රාශියේ සිටී ම නිසා ඔහුට කර්ම ගුරු අවස්ථාව උදා විය. වර්ෂ ගණනක් පැවැති ප්‍රේම සම්බන්ධය කවර හෝ හේතූන් නිසා මෙම කර්ම ගුරු අවස්ථාවේ දීම කැඩී ගොස් ඇත. එහෙත් ඔහුට විවාහයක් සිදුවනු ඇත. එම සහකාරිය ද ඉහත සඳහන් පරිදි අඩුපාඩුවලින් යුක්ත වනු ඇත.

නැන්දයි-ලේලි, දබර කරන්නේ ඇයි?

ජේ.ඒ.ඇස්. සහන් ජයකොඩි,
ජයකොඩි ජ්‍යොතිෂ්‍ය සේවය,
රද්දොළුගම.
දුරකථන 0114262367/076011960.

advertistmentadvertistment
advertistmentadvertistment