ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 07 දෙනෙක්

324

වයස අවුරුදු 18 න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් සමන්විත යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කරවීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමි වී ඇත.

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය විසින් මෙහෙයවනු ලබන මෙම තරගාවලිය ලබන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා උස්බෙකිස්තානයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර තරඟාවලිය 5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය ලෙස පැවැත්වේ.

අදාළ තරගාවලිය සඳහා ආසියානු රටවල් 30ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක්

සහභාගිවීමට නියමිත බව ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය සඳහන් කර සිටී.

සංචාරයට යෝජිත ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩකයින් 5ක්, ක්‍රීඩිකාවන් 2ක් සහ නිලධාරීන් 3ක් අයත් වෙති.

එම කණ්ඩායම ලබන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරග ඉතිහාසය අනුව ශ්‍රී ලංකාව 2015 සිට 2022 දක්වා පදක්කම් 14ක් දිනා ගැනීමට සමත් වී ඇත.

තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් මෙසේ ය.

නිලුපුල් තේනුජ (උස පැනීම), ජී.එල්.අර්ථවිදු (උස පැනීම),අයෝමල් අකලංක (මීටර් 400 කඩුලු ),මලින්දරත්න සිල්වා (රිටි පැනීම),ජේ. කිරුළු ( මීටර් 400)

ක්‍රීඩිකාවන්

නිමාලි වික්‍රමසිංහ ( මීටර් 800),දුලංජනා ප්‍රදීපනී (මීටර් 1500) නිලධාරීන් ලෙස චන්දන ඒකනායක, බුද්ධික මධුශංක සහ පූර්ණිමා වීරකෝන් යන මහත්ම මහත්මීන් සහභාගි වෙති.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment