සුපර් ලීග් පාපන්දු – අවසන් තරග අද ඇරැඹේ

112

මෙරට පළමු සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ශූරයින් තීරණය කෙරෙන අවසාන තරග 05 අද (10) සහ හෙට (11) කොළඹදී පැවැත්වීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. ඒ අනුව අද දින 03 ක් ද හෙට දින තවත් 02 ක් ද ලෙස තරග 05 ක් පැවැත්වීමට නියමිතය.

තරග 45 කින් සැදුම්ලත් වන සුපර් ලීග් තරගාවලියේ තරග 40 ක් මේ වන විට අවසන් වී ඇති අතර එහිදී පෙරමුණ ගැනීමට කොළඹ පාපන්දු සමාජය සහ කළුතර බ්ලූ ස්ටාර්ස් පාපන්දු සමාජය සමත්ව සිටී.

හෙට (11) දින ප:ව: 3.30 ට කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරගයේදී බ්ලූ ඊගල්ස් සමාජයට එරෙහිව පහසු ජයග‍්‍රහණයක් සටහන් කර ගතහොත් මෙවර තරගාවලියේ ශූරයන් ලෙස අභිෂේක ලැබීමට කළුතර බ්ලූ ස්ටාර්ස් ක‍්‍රීඩකයන්ට හැකියාව ලැබෙනු ඇත. ඒ ප‍්‍රසාද ලකුණු පූවරුවේ ඉහළින්ම රැුඳී සිටින හෙයිනි.

මෙම තරගයේ දී බ්ලූ ස්ටාර්ස් පිල පරාජයට පත් වුවහොත් හෝ ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ප:ව:03.33 ට රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන කොළඹ සමාජය සහ සී හෝර්ක්ස් අතර තරගයේ ප‍්‍රතිඵලය මත ශූරයන් තීරණය කෙරෙනු ඇත. ඒ කොළඹ සමාජය හමුවේ ජයග‍්‍රහණය සටහන් වුවහොත් පමණි.

ඒ අනුව බලන විට හෙට (11* දින පැවැත්වෙන තරගය ද්විත්වයම ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

තරග කාල සටහන

2022.01.10

ඩිෆෙන්ඩර්ස් සහ නිව් යංග්ස් (පැරණි තුරඟ තරග පිටිය) ප:ව: 03.30

රිනවුන් සහ රත්නම් (සුගතදාස  ක‍්‍රීඩාංගණය) ප:ව: 03.30

රෙඞ් ස්ටාර්ස් සහ අප් කන්ටි‍්‍ර ලයන්ස් (සුගතදාස ක‍්‍රීඩාංගණය) ප:ව: 07.30

2022.01.11.

කොළඹ සහ සී හෝර්ක්ස් (පැරණි තුරඟ තරග පිටිය) ප:ව: 03.30

බ්ලූ ස්ටාර්ස් සහ බ්ලූ ඊගල්ස් (සුගතදාස ක‍්‍රීඩාංගණය) ප:ව: 03.30

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment