රාජකුමාරිගේ මරණයට තවත් තිදෙනෙක් අද උසාවියට

864


අභිරහස් ලෙස මියගිය ආර් රාජකුමාරිගේ මරණයට අදාළව තවත් පුද්ගලයන් තිදෙනෙකු අද කොටුව අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මීට පෙර ද උපපොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

අභිරහස් ලෙස මිය ගිය රාජකුමාරිගේ මරණය පිළිබඳ මුල් අවස්ථාවේ දී විවෘත තීන්දුවක් ලබාදුන් අතර පසුව එය මොට ආයුධයකින් පහර දීම නිසා සිදුවූ මරණයක් බව හෙළි විය.

advertistmentadvertistment
advertistmentadvertistment