ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන ඇප් පහසුකම වන ‘ලංකා රෙමිට්’ සමග කොමර්ෂල් බැංකුව ඒකාබද්ධ වෙයි

88

රට තුළට පැමිණෙන පේ‍්‍රෂණ මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ නවතම ව්‍යාපෘතිය වන ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන අයදුම සඳහා සහයෝගය දැක්වීමට පාර්ශවකාර බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව ඒකාබද්ධ වී ඇත.

‘ලංකා රෙමිට්’ දියත් කිරීමේ නිල අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ විධායක අධ්‍යක්ෂ, සනත් මනතුංග මහතා සහභාගී වූ අතර බැංකුව විසින් මෙරටට පේ‍්‍රෂණ ගෙන්වීම සඳහා සිදුකර තිබෙන කාර්ය භාරය අගය කරමින් මෙහිදී සමරු තිළිණයක්ද ලබාදුන්නේය. මෙම උත්සව අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ තරුණ සහ ක‍්‍රීඩා අමාත්‍ය මෙන්ම සංවර්ධන සම්බන්ධීකරණ සහ නිරික්ෂණ අමාත්‍යවරයා සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම සමරු තිළිණ ප‍්‍රදානය කළේය.

මෙම ජංගම දුරකතන අයදුම ලංකා ක්ලියර් ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් පාර්ශවකාර බැංකුවල සහයෝගයද ලබාගනිමින් සංවර්ධනය කළ අතර විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට පවතින පේ‍්‍රෂණ නාලිකා වෙත සෘජුවම මෙමගින් පිවිසිය හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ නිසා, ශ‍්‍රී ලංකාවට මුදල් එවීමේදී වඩාත් පහසු සහ පිරිවැය ඵලදායී නාලිකා තෝරාගැනීමට අවස්ථාව හිමිවේ.

කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි, සනත් මනතුංග මහතා ‘ලංකා රෙමිට්’ එළිදැක්වීමේ අවස්ථාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සමරු තිළිණය ලබාගත් අවස්ථාව. මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා (දකුණේ සිට තුන් වැන්නා), සහකාර අධිපති, ධර්ම ශ්‍රී කුමාරතුංග මහතා (දකුණේ කෙලවරේම), ලංකා ක්ලියර් ආයතනයේ සභාපති, ආචාර්ය කෙනත් ද සිල්වා මහතා (වමේ සිට දෙවැන්නා) සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති, ඉවට් ප‍්‍රනාන්දු මහත්මිය (වමේ කෙළවරේම) මෙම සේයාරුවේ සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment