රොනාල්ඩො සහ මෙසීගේ තරගය බලන්න ඩොලර් මිලියන 2.6ක ටිකට් එකක්

601

ප්‍රකට පාපන්දු ක්‍රීඩකයන් වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සහභාගී වන සවුදි අරාබියේ පැවැත්වෙන සුහද අන්තර් සමාජ පාපන්දු තරගයක් නැරඹීම සඳහා පැවැති අධි මිලැති ප්‍රවේශපත්‍රයක් දිනා ගැනීමේ වෙන්දේසියකදී එම ප්‍රවේශපත්‍රය වාර්තාගත ඇමරිකානු ඩොලර් මිලියන 2.6කට (සවුදි රියාල් මිලියන 10කට) දිනා ගැනීමට සවුදි අරාබි ජාතික ව්‍යාපාරිකයෙකුට හැකි වී තිබේ. සවුදි අරාබියේ දේපල වෙළෙඳාම් සමාගමක් වන ‘අක්වාර් වන්’ සමාගමේ සාමාන්‍යාධිකාරී මුශ්රෙෆ් අල් ගම්ඩි විසින් ‘පරිකල්පනයෙන් ඔබ්බට’ යනුවෙන් නම් කර තිබූ අදාළ වෙන්දේසි ටිකට්පත දිනාගෙන ඇති බව සවුදි අරාබියේ විනෝදාස්වාදය පිළිබඳ අධිකාරියේ සභාපති ටර් කි අල් ෂීක් පවසා තිබේ.

මෙම තරගය පසුගිය 19 වෙනිදා සවුදි අරාබියේ අගනුවර වන රියාද් නගරයේ අල් හිලාල් හා අල් නසර් යන පාපන්දු ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිතව තිබිණි. අල් නසර් පාපන්දු ක්‍රීඩා සමාජය රොනල්ඩෝ වාර්තාගත මුදලකට මිලදී ගත් සවුදි පාපන්දු සමාජය වන අතර ‘පැරිස් සේන්ට් ජ්ර්මෙන්’ නමැති ප්‍රංශයේ පිහිටි වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජය විසින් මෙම තරගය සංවිධානය කර තිබේ. අදාළ රන් ප්‍රවේශපත දිනාගත් ව්‍යාපාරික මුෂ්රෙෆ් හට ඉහත කී පාපන්දු තරගයේ ආරම්භක උත්සවයට සහභාගී වීමටත් ප්‍රධාන ආරාධිතයන් හා අසුන් ගැනීමට මෙන්ම රොනාල්ඩෝ, ලියොනල් මෙසී මෙන්ම මෙම තරගයට සහභාගී වූ නේමාර් (කනිෂ්ඨ) හා කයලින් ම්බප්පේ යන ක්‍රීඩකයන් මුණ ගැසීමට ද අවස්ථාව සැලසීමට තරග සංවිධායකයන් විසින් පියවර ගෙන තිබේ. අදාළ වෙන්දේසියේදී ප්‍රවේශපත වෙනුවෙන් ලැබුණු මුදල සවුදි අරාබියේ පුණ්‍ය ආයතනයක් වන ‘එහ්සාන්’ වෙත බැර කිරීමට සංවිධායකයෝ පියවර ගෙන සිටිති.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment