නේපාලයේ ජල විදුලි ව්‍යාපෘතියකට ඉන්දීය සමාගමක් වෙත අනුමැතිය

152

නේපාලයේ අරුන් ගග ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 669ක පහළ අරුන් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ සැට්ලුජ් ජාල් විද්යුත් නිගාම් සමාගම (SJVN) වෙත නේපාලයේ ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙය නේපාල රුපියල් බිලියන 92.68ක් වටිනා ආයෝජන ව්‍යාපෘතියකි. මේ සදහා අනුමැතිය ලබාදීම නේපාල අගමැති පුෂ්පකමල් දමාලා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආයෝජන මණ්ඩලයේ 53 වැනි රැස්වීමේදී සිදුවිය. මෙය මෙගාවොට් 900ක අරුන් iii සහ මෙගාවොට් 695ක අරුන් iv ජල ව්‍යාපෘති වලින් පසුව අරුන් ගගේ ආරම්භ කරන නව ව්‍යාපෘතියවේ. මෙම ව්‍යාපෘති තුන් මගින් නේපාලයේ සංඛුවසභා දිස්ත්‍රික්කයේ මෙගාවොට් 2,300ක පමණ විදුලියක් නිපදවනු ලැබේ.SJVN සමාගම සමග 2014 වසරේ දී අත්සන් කට අරුන් iii ජල විදුලි ව්‍යාපෘතිය මගින් නේපාලයට වසර 25ක් තුළ රුපියල් බිලියන 348ක් ලැබේ. මීට අමතරව එම සමාගම උත්පාදනය කරන බලශක්තියෙන් සියයට 21.9ක් නොමිලේ ලබා දේ.එය නේපාල රුපියල් බිලියන 155ක් සහ තවත් නේපාල රුපියල් බිලියන 107ක හිමිකාරත්වයකි. අරුන් iv සංවර්ධනය සඳහා 2022 වසරේ මැයි මාසයේ දී නේපාලයේ විදුලි බල අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ කුල්මන් ගිහිං සහ SJVN සමාගමේ සභාපති නන්දලාල් ෂර්මා යන මහත්වරු ලුම්බිණියේ දී ගිවිසුමට අත්සන් තැබූහ. මෙම ගිවිසුමට අනුව නේපාලයට සියයට21.9ක හෙවත් මෙගාවොට් 152ක විදුලිය නොමිලයේ ලැබේ. අරුන් ව්‍යාපෘතිය සදහා නේපාල රුපියල් බිලියන 92.68ක ආයෝජනයක් සදහා අනුමැතිය හිමිවිය. එසේම ජල විදුලි ව්‍යාපෘති 05 ක් සදහාද නේපාලය රුපියල් බිලියන 167.57ක ආයෝජනයක් අනුමත කළ බව එරට ආයෝජන මණ්ඩලය පවසයි. අනුමත මුළු ආයෝජන වලින් නේපාල රුපියල් බිලියන 146.2කි සෘජු විදේශ ආයෝජන හරහා ලැබේ. නේපාල රුපියල් බිලියන 21.37ක් දේශීය ආයෝජකයින්ගෙන් ලැබේ. මෙගාවොට් 669ක පමණ අරුන් ජල විදුලි ව්‍යාපෘතිය හැරුණු විට අනෙකුත් ව්‍යාපෘති වන්නේ මෙගාවොට් 102ක ඉහළ මාර්සියන්ඩි i , මෙගාවොට් 70ක දුෂ්කෝෂි 2 ( ජලේෂවර් ) මෙගාවොට් 70.3 ක සිඹුවා කෝලා සහ මෙගාවොට් 43ක ඉහළ හාඩි යන ජල ව්‍යාපෘතීන් ය. ජලේෂවර් සහ ඉහළ මාර්සිඩියන් ඇතුළු ජල ව්‍යාපෘති තුනක් සදහා නේපාලය රුපියල් බිලියන 146.2ක විදේශ ආයෝජන අනුමත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment