චන්ද්‍රයාන් – 3 අද සඳ මතට

128


 චන්ද්‍රයාන් – 3 හි ලෑන්ඩරය සහ රෝවරය අද සාර්ථකව චන්ද්‍ර පෘෂ්ඨයට ගොඩ බැස්සොත් අමෙරිකාව රුසියාව සහ චීනයට පසුව සඳ මත මෘදු ගොඩබෑමක් සාර්ථක කර ගන්නා සිව්වන රට බවට ඉන්දියාව පත්වීමට නියමිතය.

 සියල්ල සැලැස්මට අනුව සිදුවුවහොත්, රෝද හයේ රෝවරය ලෑන්ඩරයෙන් පිටවී චන්ද්‍රයා මතුපිට ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය කිරීමට පෘථිවියට යැවීම සඳහා තීරණාත්මක දත්ත සහ ඡායාරූප රැස්කරනු ඇත. කිලෝග්‍රෑම් 1500ක් පමණ බර ලෑන්ඩරය විසින් කිලෝග්‍රෑම් 26ක් බර රෝවරය ප්‍රවාහනය කරනු ඇත. දැන් මේ මෙහෙයුම සාර්ථක වන්නේදැයි සමස්ත භාරතය පමණක් නොව ලෝකයම අද බලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment