ජපානයෙන් විකිරණ ජලය මෙට්‍රික් ටොන් මිලියනයක් මුහුදට

369

වසර 12කට පමණ පෙර ජපානයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවකින් හානියට පත් වූ ඩයිචි න්‍යෂ්ටික බලාගාරය සතුව තිබූ දුර්වල කරන ලද විකිරණ සහිත ජලය මෙට්‍රික් ටොන් මිලියනයකට අධික ප්‍රමාණයක් ඇතැම් අංශවල විරෝධතා මධ්‍යයේ හෙට (24දා) සිට මුහුදට නිකුත් කිරීමට ජපන් බලධාරීන් විසින් සැලසුම් කර තිබේ.

මෙසේ මුහුදට නිකුත් කරන ජලය මත්ස්‍යයන්ට හෝ ජනජීවිතයට හානිකර නොවන බවත් එම ජලය ආරක්ෂිත බවත් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය විසින් නිවේදනය කර ඇතත් මෙසේ හානියට පත් න්‍යෂ්ටික බලාගාරයකට අයත් විකිරණ සහිත ජලය මුහුදට නිකුත් කිරීම සම්බන්ධයෙන් ජපන් ධීවර ප්‍රජාවෙන් මෙන්ම චීනයෙන් දැඩි විරෝධතා මතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment