ඔසුසලකින් දුන් වැරදි බෙහෙතින් ඉංගිරියේ කාන්තාවක් මියයෑම: මරණයට හේතුව බෙහෙත් බීමෙන් වු සංකූලතා

92

ඉංගිරිය ප්‍රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත් කළ බෙහෙත් පාවිච්චි කිරීමෙන් පසු කාන්තාවක් 20 දින හොරණ රෝහලේදී මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පී.එම්. සෝමවතී නමැති 62 හැවිරිදි ඉංගිරිය, ඉහල ඌරුගල පදිංචි කාන්තාවකි

ඇයට කොලෙස්ටෙරෝල්, දියවැඩියාව, වකුගඩු රෝග සඳහා රෝහල් වෛද්‍ය සායනයෙන් නිර්දේශ කරන ලද ඖෂධ වට්ටෝරු පත්‍රිකාවට අනුව ඉංගිරිය නගරයේ පිහිටි ඖෂධ හලක සේවකයා විසින් ලබාදී ඇත්තේ පිළිකා සඳහා ලබා දෙන ඖෂධ වර්ගයකි. එම ඖෂධ මිලදී ගෙන ඇත්තේ සතියකට පමණ වන අතර 7 වැනි මස 31 වැනි දින මිලදී ගෙන පාවිච්චි කර ඇති බව පරීක්ෂණ වලදී හෙළිව ඇත. පසුව 8 වැනි මස 10 වැනි දින අසාධ්‍යව ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇත.

ඉංගිරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 8 වැනි මස 12 වන දින අසාධ්‍යව හොරණ රෝහල වෙත මාරුකර යවා ඇත. ඉන්පසු 8 වැනි මස 13 දින හොරණ රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින් වර සිහිසුන් වී සිට ඊයේ 20 දින ඇය මරණයට පත්වී ඇත.

හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරමින් මෙම මරණයට හේතුව බෙහෙත් බීමෙන් ශරීරයේ ඇති වූ සංකූලතා හේතුවෙන් හා වකුගඩු තුළ නහර හීන් වීමෙන් සිදුවූ මරණයක් බව තීරණය කරන ලදී.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඉංගිරිය පොලීසිය විසින් පවසයි.

ගල්පාත චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment