විජයකලා රිය අනතුරක

88

හිටපු රාජ්‍ය ඇමැතිවරියක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන්ගත් රථය ඊයේ (29 දා) මුන්දලම මංගල එළිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු කීපදෙනකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මන්ත්‍රීවරිය රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

විජයකලා මහේෂ්වරී මන්ත්‍රීවරිය ඇතුළු පිරිස යාපනයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම මංගලඑළිය ප්‍රදේශයේදී වෑන්රථය මාර්ගයේ ප්‍රති විරුද්ධ දිශාවට ඇදීගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

සුජීව තත්සර, අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment